Forex Traders ලගෙන් ලාභ උපයන ප්‍රතිශතය

පසුගිය පාඩම් ඔස්සේ ඔයාල Forex Market ගැන හොඳ අවබෝධයක් ලබලා තියෙනවා. Forex ගැන වගේම MT4 එක ගැනත් Trades Open කර ගන්න වගේම Close කර ගන්න ඒවා ... thumbnail 1 summary
Forex Traders ලගෙන් ලාභ උපයන ප්‍රතිශතයපසුගිය පාඩම් ඔස්සේ ඔයාල Forex Market ගැන හොඳ අවබෝධයක් ලබලා තියෙනවා. Forex ගැන වගේම MT4 එක ගැනත් Trades Open කර ගන්න වගේම Close කර ගන්න ඒවා ගැනත් දැන් ඔයාල දන්නවා. ඒ කියන්නේ දැන් ඔයාල Forex Expert කියන එකද? එහෙම හිනන්නවත් එපා.


ඔයාල දන්නවද Forex Traders ලගෙන් ලාභ උපයන ප්‍රතිශතය කොච්චර ද කියලා. Forex වලින් ලාභ උපයන්නේ දළ වශයෙන් 5-10% ක් විතරයි. ඒ කියන්නේ 90% ක්ම තමන්ගේ සල්ලි නැති කර ගන්නව මේක කරන්න ගිහිල්ලා. ඊට පස්සේ Forex කියා දුන්නු කෙනාටයි, Broker Company එකටයි ‍අදාළ සියලුම දෙනාටයි හොඳට දෙහි කපනවා. නියමයි නේද වැඩේ.

ප්‍රශ්නය තියෙන්නේ ඇයි අපි Forex Loss වෙන්නේ?

පිළිතුරු සරලයි. Forex Loss වෙන කිසිම කෙනෙකුට දැනුමක් නැහැ මුල්‍ය කළමනාකරණය ගැන. නිසි පරිදි මුල්‍ය කළමණාකරණය ගැන දන්නවානම් කිසිම කෙනෙක් Forex Loss කර ගන්නේ නැහැ. ඒක අනිවාර්යයි. එහෙනම් මුල්‍ය කළමනාකරණය (Money Management) ගැන ඉදිරි ලිපි වලින් කථා කරමු.

හොඳින් මතක කියා ගන්න ඉදිරි ලිපි පෙළෙ අතිශයින්ම වැදගත් ඔයාල Forex කරන්න බලාපොරොත්තු වෙනවානම්.

පසුගිය පාඩම් ගැන ගැටළු තියෙන තැන් මතු වුනා නම් අහන්න. එහෙනම් නව පියවරකින් හමුවෙමු.

MT4 එකෙන් පළවෙනි Trade එක කරමු [14]

Lesson – 14 පළවෙනි Trade එක පසුගිය පාඩම් වලදි Forex Market එක පිළිබඳව තරමක දැනුමක් ඔයාල ලබල තියෙනවා. මේ දැනුමින් අපිට අපේ පළවෙනි Trade ... thumbnail 1 summary
Lesson – 14

පළවෙනි Trade එක

පසුගිය පාඩම් වලදි Forex Market එක පිළිබඳව තරමක දැනුමක් ඔයාල ලබල තියෙනවා. මේ දැනුමින් අපිට අපේ පළවෙනි Trade එක Open කරන්න පුළුවන්. මතක කියා ගන්න අපි වැඩ කරන්නේ Demo Account ‍එකේ කියලා. Demo Account එක යොදා ගනිමින් අපිට පුළුල් ලෙස අත්දැකිම් ලබා ගන්න පුළුවන්. ප්‍රධානම වාසිය තමයි අපේ මුදල් වියදම් වෙන්නේ නැති එක.

අපි Trade එක Open කර ගන්න මුලින්ම MT-4 Software එකට Log වෙන්න. Trade එකක් Open කර ගන්න නම් මුලින්ම අපි Order Window එක මතු කර ගන්න ඕනේ. මේ සඳහා MT-4 එකේ ක්‍රම 04 ක් තියෙනවා.


01. ක්‍රමය - Market Watch Window එකේ අපට Open කර ගන්න ඕනෙ Currency Pair එක උඩ Right Click කරලා New Order Click කරන එක

02. ක්‍රමය - Chart එක මත Right Click කරාම ලැබෙන Menu එකේ New Order මගින්.

03. ක්‍රමය - Toolbar එකේ තියෙන New Order Button එකෙන්.

04. ක්‍රමය - අපේ Keyboard එකේ තියෙන F9 මගින්.

MT4 එකෙන් පළවෙනි Trade එක කරමු [14]

ඉහත මොන ක්‍රමේ භාවිතා කරත් අපට ලැබෙන්නේ එකම Window එකක් පහත විදියට නාමයි Order Window එක තියෙන්නේ.

දැන් අපි Order Window එක විස්තරාත්මකව හඳුනා ගන්න බලමු. ඔයාලට මේ Window එක Open කරාම පෙනේවි,

Symbol: - මේ Drop Down Menu මගින් දක්වන්නේ සියලුම Currency Pairs. දැනට    Active වෙලා තියෙන Chart එකට අදාලව තමයි මේ Symbol ස්වයංක්‍රියවම සැකසිලා තියෙන්නේ. වම් පැත්තෙන් ඊට අදාල Chart එක පෙන්වනවා. උදා:- විදියට EUR/USD Chart එක Active වෙලා තියෙන කොට ඔයාල Order Window එක විවෘත කරා නම් Symbol විදියට EUR/USD, EURO VS US Dollars  විදියට දැක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම GBP/USD Active Window එක විදියට තියෙන කොට Order Window එක විවෘත කරා නම් එනම් Symbol GBP/USD, Great Britain Pound VS US Dollars  ලෙසට දැක ගන්න පුළුවන් වෙයි.


Volume: - අපි විවෘත කිරිමට අදහස් කරන Order එකේ ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. අපි පෙර පාඩමක lot ගැන කතා කරා මතකයි නේද? මේකෙ ප්‍රමාණය සඳහන් වෙන්නේ lot මගින්. ඒ කියන්නේ මෙහි 1 ලෙස දක්වන තියෙන්නේ lot 1ක් කියන එක. ඒ වගේම 0.01 කියන්‍න lot 0.01 ක් කියන එක. ඔයාල ආයෝජනය කරන මුදල $ 100 ක් නම් මෙහි Volume එකට 0.01 යොදා ගන්න ඕනේ. හැබැයි ඒක නියමයක් නෙමෙයි. ඊට වැඩි ප්‍රමාණයක් යොදා ගත්තොත් අපි ආයෝජනය කරල තියෙන මුදල සුළු නිසා අපේ Trade එක නරක අතට හැරුනොත් අපි ආයෝජනය කරපු මුදල නැති වෙන්න පුළුවන්.

Stop Loss and Take Profit: - මේ කියන්නේ අපි Open කරන Trade එකෙන් අපිට මුලදිම තිරණය කරන්න පුළුවන් අපි කොච්චර ලාභ ගන්නව ද පාඩු වෙනවනම් ඒ පාඩුව නවත්වන සිමාව කොතනද කියල. මේ සදහා අගයන් ලබාදුන් පසු මේ සිමාවන් වලට ලගා උනාම ස්වයංක්‍රියවම අපේ Trade close වෙලා ඊට අදාල මුදල අපේ ගිණුමට බැර වෙනවා. මේ සදහා අගයන් ලබාදීම අනිවාර්ය නැහැ.

Comment: - අපි විවෘත කරන Trade එක හඳුනා ගන්න නමක්, විස්තරයක් ලබා දෙන්න පුළුවන් අවශ්‍ය නම්.

Type: - ප්‍රධාන වශයෙන් Type කොටස් දෙකකට බෙදෙනවා.

01. Instant Execution

අපි Type විදියට මේ ආකාරය  Select කරලා තිබුනොත් අපි Order එක දැමු සැනින් ක්‍රියාත්මක වෙනවා.

02. Pending Order

ලෙස හඳුන්වන්නේ අපිට තිරණය කරන්න පුළුවන් අවශ්‍ය Rote එකට ළඟා වූ පසු Trade එකක් Open කරන්න. මේ Pending Order ප්‍රධාන වශයෙන් කොටස් 04 කට බෙදෙනවා.

i.             Buy limit

ii.           Sell limit

iii.          Buy Stop

iv.          Sell Stop

අපේ අවශ්‍යතාවය පරිදි අපිට කැමති විදියට Pending Order එකක් නිර්මාණය කර ගන්න පුළුවන්. වඩාත් විස්තරාත්මක ලෙස ඉදිරි ලිපියකදි කතා කරන්න ‍බලාපොරොත්තු වෙනවා. 

දැන් EUR/USD Currency Pair එකට අදාලව volume size එක 0.01 විදියට සකස් කරලා Type එක Instant Execution විදියටත් Sell හෝ Buy එකක් Open කර ගන්න. Sell Order එක සාමාන්‍යයෙන් රතු පාටින්. Buy Order එක නිල් පාට තොටුවක් තුලත් දක්වල තියෙනවා.

 ඔයාල දැන් සාර්ථකව පළමු වැනි Trade එක අපි විවෘත කර ගෙන තියෙනවා. සුභ පැතුම් !!!!!!!!!!


මතක තියාගන්න. මේ එක අපි විවෘත කර ගත්තේ හුදෙක්ම අවබෝධය සදහා පමණයි. මේකෙන් වෙන ලාභ, අලාභ ගැන හිතන්න එපා. අපේ Trade එක සාර්ථකව විවෘත වුනා කියලා Message එකක් සහිතව  Window එකක් ලැබෙයි.

දැන් පහතට තියෙන Terminal Window එකට අවධානය යොමු කරමු. මුලින්ම අපි විවෘත කරපු Trade එකට අදාළ Order No එකක්, ඊළඟට එය විවෘත කරපු දිනය හා වේලාවත්, අපි විවෘත කර Order Type එකත්, Size එක Lot වලිනුත්, Symbol මගින් Currency Pair එකක්, S/L මගින් Stop Loss එකක්, T/p මගින් Take profit අගයන්, (මෙහි S/L ,T/p අගයන් අපි Trade එක විවෘත කළ පසුවත් වෙනස් කරන්න පුළුවන්.) Price මගින් දැන් අගයන්, Commission මගින් අපට මේ Trade එකක් මේ Commission ලබා දෙනවා නම් එයත්, Swap මගින් අපේ එක පවත්වා ගැනීමට වැයවන මුදල (සමහර Trade සදහා අපෙන් මුදල් අය කරන අතර සමහර Trade සදහා අපට මුදල් ලබාදේ. මේ මුදල ඉතාමත් සුදු මුදලකි. 0.01% වැනි.) , profit මගින් දැනට විවෘත වෙලා තියෙන Trade එකේ profit එකක් පෙන්වනවා. 

එහෙනම් අද අපි මුල්ම Trade එක Open කර ගන්න. ඔයාලට ගැටළු තියෙනවා නම් අහන්න. 

Buy and Sell Orders [13]

Lesson – 13 Buy and Sell Orders පසුගිය ලිපියේ Bid හා Ask Prices ගැන කථාකලා. මේ ලිපියෙන් Buy Orders හා Sell Orders ගැන කථා කරන්න බ... thumbnail 1 summary
Lesson – 13

Buy and Sell Orders


පසුගිය ලිපියේ Bid හා Ask Prices ගැන කථාකලා. මේ ලිපියෙන් Buy Orders හා Sell Orders ගැන කථා කරන්න බලාපොරොත්තු වෙනවා.

මොනවද මේ Buy Orders හා Sell Orders කියලා කියන්නේ. එක Currency pair එකට ඇයි Order වර්ග දෙකක්? කොටස් වෙළඳපොල ගැන අවබෝධයක් නොතිබුනත් ඔයාලට හිතා ගන්න පුළුවන් ලේසියෙන්ම, අපි ලාභයක් ලබන්න නම් කොටස් අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණන්න ඕනේ කියලා. ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ කොටසක මිල ඉහළ ගියොත් විතරමයි අපට ලාභ ලබන්න පුළුවන්. පැහැදිලියි නේද?

හැබැයි Forex Market එකේ එහෙම නැ. ඇයි? Forex Market එකේ Buying Orders හා Sell Orders කියලා Orders වර්ග දෙකක් තියෙන නිසා. ඒ වගේම Currency වර්ග දෙකක් තියෙන නිසා. ටිකක් අවුල් ව‍ගේ නේද? අපි උදාහරණ ඇසුරින් පැහැදිලි කර ගන්න උත්සාහ කරමු.

මුලින්ම අපි බලමු Buying Orders එකක් දාන්න. EUR/USD ඇසුරු කරගෙන. ඒ සඳහා පහත දක්වල තියෙන දත්ත උපයෝගී කරගන්න.

  Symbol                    Bid                  Ask          Spread
EUR/USD              1.3095              1.3097            2

අපි Buy Order එකක් දාන්න ඕනේ EUR/USD ඉහල යන අවස්ථාවක විතරයි. ඒ කියන්නේ EUR/USD 1.3095/1.3097 ඉදන් 
Bid price එක ඉදිරියේදී 1.3095 ට වඩා වැඩිවෙයිනම්, අන්න ඒ වෙලාවේදී අපිට Buy Order එකක් දානවා.

අපි Buy Order එකක් දැම්මම අපේ Account එකේ Buying Rate ඒක විදියට ගැනෙන්නේ 1.3097 කියන ගාන. තවත් තේරුම් ගන්න පුළුවන් විදියට කිව්වොත් අපි නිතරම Buy Order එකක් Open කරන්නේ Ask කියන Price එකෙන්. මේ Buy Order කියන වචනයට සමාන වචනයක් තමයි Long කියලා කියන්නේ. ඒ කියන්නේ කොතන හරි තැනක සඳහන් වෙලා තියෙනවා නම් EUR/USD Long කරා කියලා එකේ අදහස තමයි EUR/USD Buy Order එකක් Open කරා කියන එක.

කොහොම හරි Order එක Open කරලා යම්කිසි කාලයකට පස්සේ EUR/USD අගයන් පහත විදියට වෙනස් වුනා කියල හිතමු.

  Symbol                    Bid                  Ask          Spread
EUR/USD              1.3214              1.3216            2 

ඒ කියන්නේ අපි ‍ Order එක Open කරන කොට තිබුණු ප්‍රමාණයට වඩා දැන් වටිනාකම වැඩි වෙලා. ඒ වගේම ඔයාලට මතක ඇති Buy Order එකින් ලාභ ගන්නනම් Buy order එක Open කරන කොට තිබුනට වඩා Order එක Close කරන වටිනාකම වැඩි වෙන්න ඕනේ කියල.

ඉහත වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් කියලා පැහැදිලිනේ. එහෙනම් මේ Order එක Close කරාම අපට ලාභයක් තමයි ලැබෙන්නේ. එහෙනම් ඔන්න අපි Order එක Close කරා. දැන ගන්න ඕන ‍දෙයක් තමයි Buy Order එකක් Close කරන්න නම් ඒ Order එක Sell කරන්න ඕනෙ කියලා.

සරලවම කිව්වොත් අපි ගන්න කොටස් අපි විකුණන්න ඕනෙ. ඒත් කාටද අපි විකුනන්නේ ? අපි ඒ ගැන කරදර වෙන්න වුවමනා නෑ. ඇයි? අපි යොදා ගන්න MT4 මෘදුකාංගය විසින් ඒක අපි වෙනුවෙන් ස්වයංක්‍රියවම ඉටු කරලා දෙනවා. තව දෙයක් තමයි මේ Buy Order එක Sell කරන්නේ Bid Price එකෙන්. ඒ කියන්නේ අප EUR/USD 1.3097 ට Buy කරලා 1.3214 ට තමයි Sell කළේ.

මේකේ ලබපු ‍ලාභය ගණනය කරොත්,
ලාභය = 1.3214 - 1.3097 =  Pips 117
ඔයා මේ Trade එක Lot 0.10 න් Open කරලා තිබුන නම් $ 117.0 ක ලාභයක් ලබලා.  මතක තියාගන්න කිසිම වෙලාවක ඇත්ත සල්ලි දාලා

Lot 0.10 න් ගණුදෙනු කරන්න යන්න එපා. එහෙම කරනවනම් ඔයාලගෙ ගිනුමෙ  $ 1000 - 5000 වත් Balance එකක් තියාගන්න ඕන. නැත්තම් ඉතින් වෙන දේ ගැන මට කින්න දෙයක් නැහැ කැමති දෙයක් හිතා ගන්න :) හොද විදිහට උනොත් ගොඩ. නරක විදිහට උනොත් දාපු සල්ලි ටිකටත් බඩුම තමයි :D
Post ඔක්කම හොදට කියවන්න.. Demo එකෙන් හොදට ඉගෙන ගන්න. හැමදේම හොදට පැහැදිලි උනාට පස්සෙ ඇත්ත සල්ලි දාලා Trade කරන්න. Real account වල Lot size එක 0.01 තමයි අවම. Demo වල 0.10 ඒ නිසා පොඩි අවදාමක් තියෙනවා. ඔයාලා ඇත්ත සල්ලි අවම රු. 30000.00 ක් වත් දානවනම් අවදානම අඩුයි. 

දැන් බලමු Sell Order එකකදි සිදුවෙන ‍දේ. ඒකත් අපි උදාහරණ ඇසුරින් පැහැදිලි කර ගනිමු.

  Symbol                    Bid                  Ask          Spread
EUR/USD              1.3095              1.3097            2


ඔයාලට මතක ඇති අපි Buy Order එක Open කරේ Ask කියන Price එකෙන් කියලා. එහෙනම් අපි Sell Order එක Open කරන්නේ Bid කියන Price එකෙන්. ඒ කියන්නේ 1.3095 කියන අගයෙනි. මේ Sell Order එකට කියන තවත් තමක් තමයි Short කියල. EUR/USD Short කරා කිවොත් එතනදි අදහස් වෙන්නේ Sell Order ගැන කියලා මතක තියා ගන්න.

ඒ වගේම Sell Order එකකදි අපිට ලාභ ලැබෙන්නේ EUR/USD අගය පහල ගියාම. පැයකට විතර පස්සේ පහත විදියට Forex Market එක වෙනස් වුනා කියලා හිතන්නකෝ.

  Symbol                    Bid                  Ask          Spread
EUR/USD              1.3214              1.3216            2


මෙන්න මේ අවස්ථාවේදී අපි Order ඒක Close කරා කියලා හිතමු. ‍එහෙනම් අපි ලබන ලාභය කොපමණද? මතක තියා ගන්න ඕනේ අපි Order එක Close කරන්නේ Ask කියන Price එකෙන්. අපි බලමු ලාභ ලබන Pips කීයද කියලා.


ලාභය = 1.3095 - 1.2925
          = 0.0170
  Pips = 170

අපි Pips 170 ක Profit එකක් ලබලා තියෙනවා. අපි Trade එක Lot 0.01 න් Open කරලා තිබුන නම් $ 17 ක Profit එකක් අපි ලබලා තියෙනවා.

අපි Order එකක් Close කරද්දි අපි Open කරල තියෙන්නේ Buy Order එකක් නම් ඒක Sell Order එකක් විදියටත්, Open කරල තියෙන්නේ Sell Order එකක් නම් Buy Order එකක් විදියටත් තමයි අපේ Orders Close වෙන්නේ.

මේ ගැන අපි කරදර වෙන්න ඕනේ නෑ. හේතුව MT-4 Software එක මගින් මේක ස්වයංක්‍රියවම සිදුවෙන නිසා. ස්වයංක්‍රියවම සිදු‍වෙනව කියල කිව්වේ අපිට Order එක Close කරන්න ඕන වුනාම මේ MT-4 Software එක අපේ Order එක Buy හෝ Sell කරලා ඒයා ගන්නව කියන එක නෙමෙයි. මේ Forex Market එකේ තියෙන විශාලත්වය නිසා සෑම මොහොතකම ලෝකයේ කොතන හරි Orders Buy හෝ Sell කරන්න කවුරු හරි ඉන්නවා. පැහැදිලි නේද?

මේක හුඟක් වැදගත් පාඩමක්. පැහැදිලි නැත්තම් නැවතත් කියවන්න. අපැහැදිලි නැත් තියෙනවා නම් අහන්න.

Bid සහ Ask Prices [12]

Lesson – 1 2                                                 Bid, Ask Prices පසුගිය ලිපියේ MT4 එක ගැන සාමාන්‍ය අවබෝධයක් ලැබෙන්න ඇ... thumbnail 1 summary
Lesson – 12

                                               Bid, Ask Prices



පසුගිය ලිපියේ MT4 එක ගැන සාමාන්‍ය අවබෝධයක් ලැබෙන්න ඇතැයි කියලා හිතනවා. ඒ වගේම ඒ ලිපියේ Market Watch Window එක හඳුන්වන කොට සඳහන් කලා මතක ඇති. ඒ වගේම දකින්න ඇති, අදාළ Currency pair එක ඉදිරියේ Currency values දෙකත් සටහන් වෙලා තියෙනවා. ඔයාල දැන් MT-4 Software එකට Log වෙන්න. පහත රූපය බලන්න.

 ෙම් රූපයේ,
  1. Currency Pair
  2. Bid
  3. Ask
  4. Spread 
තිබෙනව ඔබට පේනවා ඇති.
ඇයි මේ Currency pair ඉදිරියේ Currency values දෙකක් දක්වල තියෙන්නේ. උදාහරණයක් විදියට EUR/USD ඉදිරියේ 1.3041 හා / 1.3043 විදියට නව විදියකට ලිව්වොත්,


  Symbols           Bid             Ask
          EUR/USD       1.3041        1.3043


ඔයාල අහල දැකලා ඇති රූපවාහිනියේ, පත්තර වලින් හෝ වෙනයම් මාධ්‍ය මගින් එදිනෙදා ප්‍රකාශයට පත් කරන විනිමය අනුපාතිකය.

Click to zoom


මේකේ Buying Rate එක රුපියල් 125.0253 හා Selling Rate එක රුපියල් 128.7500 වෙනවා. මතක තියා ගන්න ඕනේ මේ කියන්නේ බැංකුව අපෙන් ගන්න හා විකුණන මිල කියලා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 125.0253 කට අපෙන් අරගෙන ඒ ඩොලර් එකම රුපියල් 128.7500 ක‍ට බැංකුව විකුණනවා. මේ වෙළදාමෙන් බැංකුව ඩොලර් එකකින් රුපියල් 128.7500 – 125.0253 = 3.7247 ලාභයක් ලබනවා.
අන්න ඒ දෙයම තමයි මෙතන Bid Ask ලෙස දක්වල තියෙන්නේ. එතකොට අපිට පහත විදියට මේක ලියල තේරුම් ගන්න පුළුවන්.

Bid                 = Buying Rate

Ask                 = Selling Rate

ඒ වගේම නිතරම Selling Rate එකේ අගය Buying Rote එකේ අගයට වඩා වැඩියි. ඒ කියන්නේ නිතරම Ask අගය Bid අගයට වඩා වැඩියි.

දැන්ම Market Watch Window එකේ Currency වල Bid හා  Ask  අගයන් පරික්ෂා කරල බලන්න. එහෙම නෙමෙයිද කියල.

ඔයාල දන්නවද Forex Market එකේ  Brokers Company අපෙන් Commissions එකක් ගන්නේ නෑ කියලා. එතකොට කොහොමද ඒ ගොල්ලෝ ලාභ ලබන්නේ? Forex Brokers Company ලාභ උපයන්නේ Spared ඒකෙන්. මොකක්ද මේ Spared කියලා කියන්නේ ? Bid Price, Ask Price එක අතර තියෙන වෙනස තමයි කියල Spared හදුන්වන්නේ.

 උදාහරණ විදියට EUR/USD 1.3038 : 1.3040 මේකේ Spared එක සොයන්න.

EUR/USD   = 1.3040 - 1.3038

= 0.0002

පැහැදිලි නේද? මේ ගැන අපට තවත් විදියකින් කියන්න පුළුවන්. කොහොමද Pips වලින්,  Spared එක Pips වලින් 2යි. Pips ගැන පසුගිය පාඩමේදි අපි විස්තරාත්මකව කථා කරා.

මේ Spared එක Currency pairs අනුව වෙනස් වෙන බව ඔයාලට පෙනෙයි. Market Watch Window එක බැලුවම. Spared එක අඩුම pair එක තමයි EUR/USD. ඒ වගේම Trade කරන කොටස් අපි තෝරා ගන්න ඕනේ Spared එක අඩුම Currency pair එකක්.

 ඒ වගේම කියන්න ඕනේ දෙයක් තමයි මේ ලිපි පෙල ප්‍රධාන වශයෙන් අරමුණු කරල තියෙන්නේ EUR/USD සඳහා. හේතුව වෙළෙඳපොලේ වැඩිම ඉල්ලුමක් තියෙන Currency pair එක වෙන්නේ EUR/USD. එහෙම වුනත් අනෙත් Currency pair සම්බන්ධයෙන් වුනත් මේ ලිපි පෙල 95% කට වඩා නිවැරදිතාවයකින් යුක්තයි.


අපැහැදිලි නැත් තියෙනවා නම් අහන්න. අනිවාර්යෙන්ම පිළිතුරු ලැබෙයි.

MetaTrader 4 පිලිබද හැදින්වීම [11]

Lesson – 11 Meta Trader 4 හැදින්වීම පසුගිය පාඩමේදී MT-4 Software එක Download කර install කරගෙන එම Software එක මගින් අපගේ Demo Account එක... thumbnail 1 summary
Lesson – 11

Meta Trader 4 හැදින්වීම

පසුගිය පාඩමේදී MT-4 Software එක Download කර install කරගෙන එම Software එක මගින් අපගේ Demo Account එකට log වුනා. අද අපි MT4 Software එකේ මුලික සැලැස්ම පිළිබඳව කථා කරන්න බලාපොරොත්තු වෙනවා.

මුලින්ම ඔයාල MT4 එක Open කරන කොට වෙනස් වෙනස් Currency pairs 4ක් නියෝජනය කරමින් Chart Windows 4ක් දකින්න ලැබෙයි. ඊ‍ට ඉහලින් icons විශාල ගණනක් ඇති Toolbar හා වම් පැත්තෙන් Market Watch Window එකත් පහලින් Navigator Window එකත් දකින්න ලැබෙයි. මේ Market Watch Window ඒක ප්‍රධාන වශයෙන් Tab දෙකකට බෙරිලා තියෙනවා. එම Window එකේ පහල බැලුවොත් Symbols, Tick Chart යනුවෙන් වෙන Tab 2 බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉහලින්ම Server Time එක පෙන්වනවා. මෙහි Symbol Tab එකෙන් මෙහි Trade වෙන සියලුම Currency pairs වල Symbol, Bid හා Ask prices පෙන්වනවා. අපි Select කරන Currency pair එකට අදාළ Chart එක Tick Chart එක තුලින් ලබා ගන්න පුළුවන්. දැනට මේවා ගැන දළ අදහසක් ගන්තම ඇති. සියලු දේම ඉදිරියේදි විස්තර ඇතුව කථා කරමු. Bid, Ask prices ගැන එහෙම. 
Tools

Market Window එකට පහලින් තියෙන්නේ Navigator Window එක. ඔයාගේ Account ගැන indicator ගැන , Expert Advisers හා Scripts ගැන තමයි වෙනම තියෙන්නේ.විස්තර ඇතිව පස්සේ කථා කරනවා.

MT4 Market Watch 
ඊට පහලින් තියෙන Window එක හදුන්වන්නේ Terminal Window නමින්. එහි Tab විශාල ගණනක් තියෙනව පේනවා නේද?
Trade, Exposure, Account History, Signals... වගේ ඒවා දැන් අපි ඉදිරියේ දී කථා කරන්න බලාපොරොත්තු වෙනවා.
MT4 Terminal Window

MT-4 එක Open කරාම Chart Window 4ක් පෙනෙන්න තියෙන බව අපි කතා කථා කරා නේද? මේක Chart Window 4ක් කියලා සීමාවක් නෑ අපට ඕන තරම් Window ලබා ගන්න පුළුවන් අවශ්‍ය Currency pairs එක මත Right Click කරල ලැබෙන Menu එකෙන් Chart Windows Click කරාම.

මේ ලැබෙන Chart Window අපට අවශ්‍ය පරිදි Settings හදා ගන්න පුළුවන්. Chart Windows එක Right Click කරලා Properties ගියාම.උදාහරණ විදියට කළු පාටින් දැක්වෙන Chart Window එකේ Background එක අපි කැමති පාටක් ලබා දෙන්න පුළුවන්.

Chart Properties ඔයාල පුරුදු වෙන්නත් එක්ක මේ Settings වෙනස් කරල බලන්න. Bar Down එක රතු පාටින් හා Common Tab එකේ තියෙන Show Grid එක Deselect කරල තමයි මට ගැලපෙන විදියට මේ Chart Window එක සකස් කරගෙන තියෙන්නෙ. මේ සකස් කර ගන්න Chart Window එකකට අපි Template එකක් තියල හඳුන්වනවා. මේ Template එක අපිට Save කරල තියා ගන්න පුළුවන්. එතකොට නැවත නැවත මේ Settings සකස් කරන්න වුවමනා වෙන්නේ නැහැ.

ඒක කරන්නේ Template icon එක මත Mouse Pointer එක අරගෙන යන්න. Icon එක මතට Pointer එක අරගෙන ගියාම ඒ icon එකේ නම පෙන්නයි. මේක ලේසියෙන්ම රූප සටහනකින් පෙන්නන්න පුළුවන් වුනත් ඔයාල පුරුදු වෙන්න ඕන නිසා එහෙම කරන්නේ නැහැ.කොහොම හරි Template මත Click කරල ලැබෙන Menu එකෙන් Save Template මත Click කරල ඔයාල හිතලා හදා ගන්න Chart Window එකට නමක් දීල Save කර ගන්න.

ඊළඟට Chart Window එක පෙන්නන්න ඕනේ කොහොමද කියල අපිට තීරණය කරන්න පුළුවන්. MT4 එකේ මේ සඳහා option 3ක් ලබා දිලා තියෙනවා. Bar Chart, Candlestick chart, Line Chart කියලා. Mouse Pointer එක icon මතට අරන් ගිහින් එකිනෙක මත Click කරල බලන්න Chart එකට මොකද වෙන්නේ කියලා.

Indicators හෙවත් දර්ශන තුලින් ඉදිරි කාලයේදී Market එක කෙසේ හැසිරෙයිද කියලා අදහසක් ගන්න පුළුවන්. එම icon එකක් හඳුනා ගන්න උත්සාහ කරන්න. හොඳට මතක තියා ගන්න ඕනෙ දෙයක් තමයි මේ Indicators වලින් යම් අදහසක් ගන්න පුළුවන් වු‍නත් එය 100% ක් නිවැරුදි නැ කියලා. එහෙම නිවැරදි වුනානම් හැමෝම ලාභ ලබනවා.


Chart Window එක Close, Minimize, Maximize කරන්න වගේම Chart එක Zoom In, Zoom Out කරන්න පුළුවන් icon එහෙම හඳුනා ගන්න.

Time Frames, Toolbar එක දිහා බැලුවොත් M1, M5, M15,.. MN ආදි වෙනස් වෙනස් Time Frames ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. දැන් ඔයාලගේ Chart Window එක Bar Chart හෝ Candlestick බවට වෙනස් කරන්න. Toolbar එකේ ඇති icon භාවිතා කරමින් ‍මෙය කරන්න පුළුවන්.ඊට පස්සේ වෙනස් වෙනස් Time Frames මත Click කරමින් Chart Window එකට සිදුවෙන දේ නිරික්ෂණය කරන්න.

උදාහරණයක් විදියට Bar Chart Select කර M15 Time Frames යොදා ගෙන තියෙන කොට Chart Window එකේ එක ඉරකින් විනාඩි 15 ක කාලයක් නියෝජනය වෙනවා. ඔයා D1 Time Frames එක භාවිතා කළොත් එක ඉරකින් දවසක් නියෝජනය වෙනවා. MN භාවිතා කළොත් එක සිරස් ඉරකින් මාසයක කාලයක් නි‍යෝජනය වෙනවා. පැහැදිලි නේද?

Drawing Tools - දැනට පවතින Market එක හා ඉදිරිය පිළිබඳව අන්වේෂණය (Analysis) කරන්න මේ Drawing Tools යොදා ගන්න පුළුවන්. Vertical Lines, horizontal lines Trendlines ආදිය Toolbar මතින් හඳුනා ගන්න උත්සාහ කරන්න. මේවා යොදා ගන්නේ කොහොමද කියලා අපි වෙනමම කථා කරන්න බලාපොරොත්තු වෙනවා.

Connection Status මෙය Trade වලට සම්බන්ධ නොවන දෙයක්. Software එකේ දකුණු පැත්තේ පහලට Phone එකේ signal දක්වන විදියට තියෙන රූපය පේනවද? උදාහරණ විදියට 518/1kb වගේ. මේ කරුණු කිහිපය සම්පුර්ණයෙන්ම රතු පාටින් දක්වනවානම් ඒ මගින් අදහස් වෙන්නේ අපගේ MT4 Software එක අන්තර්ජාල සබඳතාවය නැහැ කියලා. ඉලක්කම් සහිතව අඩක් කොළ පැහැ නම් අන්තර්ජාල සබඳතාවය ඇති බවත් දක්වනවා.

ඉහත ලිපිය මගින් MT-4 ගැන මුලීක අවබෝධයක් ලැබෙන්න ඇතැයි කියලා සිතනවා. අපැහැදිලි තැනක් තියෙනවානම් අහන්න.

Meta Trader 4 Download + Demo Account [10]

Lesson – 10   10- Meta Trader 4 Download & Demo Trading පසුගිය පාඩමේදී ඔයාල සාර්ථකව Account එකක් හදා ගත්ත මතකයි නේද? දැන් අපට අවශ්‍ය... thumbnail 1 summary
Lesson – 10 

10- Meta Trader 4 Download & Demo Trading

පසුගිය පාඩමේදී ඔයාල සාර්ථකව Account එකක් හදා ගත්ත මතකයි නේද? දැන් අපට අවශ්‍ය වෙනවා Forex Trading කරන්න සුදුසු මෘදුකාංගයක් (Software) එකක් පරිගනකයට install කර ගන්න. මේ Software එක Download කර ගන්න පුළුවන් අපි Account එක හදපු Brokers Company එකෙන් Web Site එකෙන්. මේ සඳහා පළමුවෙන්ම Download Trade Terminals වෙත පිවිසෙන්න.

නැතිනම්  මෙතන Click කරල Download කරගන්න - Download MetaTrader 4

Download MetaTrader 4

දැන් මේක Install කරගන්න. ප්‍රශ්ණයක් තියෙනවනම් Comment එකක් දාන්න.

හරි දැන් අපි මේකට ලොග් වෙන්න real account එක භාවිතා කරාට වැඩක් නැහැ. මොකද ඒකෙ සල්ලි නැහැනෙ. සල්ලි දැම්මත් සුටුස් ගාලා වාශ්ප වෙලා යියි. තාම කිසිම දෙයක් දන්නෙ නැති නිසා. අපි දැන් Demo Account එකක් හදා ගමු.

මෙතනට යන්න Open MT4 Demo Account
පහල රූපයේ විදිහට Fill කරන්න.
Open MT4 Demo Account Button එක Click කරන්න. ඊට පස්සෙ ඔයාට එන User Name / Password එක මතක තියාගන්න, අපි ඒ ගිනුමෙන් තමයි පුරුදු වෙන්න හදන්නෙ.

  1. ඔයාල Install කරගත්ත Meta Trader 4 කියන Software එක Open කරගන්න.
  2.  File > Open an Account එක Click කරන්න. 
  3. දැන් NordGroupInv-Demo එක Select කරල next කරන්න.

දැන් අර ඔයාල හදපු Demo account එකේ Username Password මෙතනින් දාලා Next කරන්න.

  නිවැරදිව කරානම් දැන් ඔයාල හදපු පුහුණුවෙන ගිනුමට ලොග් වෙලා ඉන්නෙ.. Status එක මේ වගේ පේනවද බලන්න..

මීලගට අපි Meta Trader 4 මෘදුකාංගය භාවිතා කරන විදිහ ඉගෙන ගමු