Currency Pairs හදුනා ගනිමු. [3]

Lesson – 03   03. Currency Pairs Currency Pair එකක් කියන්නේ මුදල් ඒකක දෙකක එකතුවකට කියලා දැන් ඔයාල තේරුම් අරන් ඇති කියලා හිතනවා. අපැ... thumbnail 1 summary

Lesson – 03 

03. Currency Pairs

Currency Pairs හදුනා ගනිමුCurrency Pair එකක් කියන්නේ මුදල් ඒකක දෙකක එකතුවකට කියලා දැන් ඔයාල තේරුම් අරන් ඇති කියලා හිතනවා. අපැහැදිලි නම් පෙර පාඩම නැවත බලන්න. ඒ වගේම මෙතැනින් එහාට ශ්‍රී ලංකා රුපියල් ගැන කතා කරන්නේ නැහැ. හේතුව Forex Market එකේදි LKR භාවිතා නොවීම.

Currency Pair ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදන්න පුළුවන්.
  
01. Major Currency pairs
02. Minor Currency pairs
03. Exotic Currency pairs

01 Major Currency pairs ගැන බලමු 


Major Currency pairs කියලා කියන්නේ එම Currency pairs මුලට හෝ අගට ඇමරිකන් ඩොලර් USD සම්බන්ධ වෙලා තියෙන ඒවා. ඒ වාගේම USD තමයි Forex Market ‍එකේ වැඩියෙන්ම ඉල්ලුමක් (Demand) ඇති මුදල් වර්ගය. අන්න ඒක නිසා තමයි මේවාට Major Currency pairs කියලා හඳුන්වන්නේ. පහත වගුව බලන්න.

pair
Related County
EUR/USD
European Union / United states of America ( USA )
USD/JPY
USA / Japan
GBP/USD
United Kingdom / USA
USD/CHF
USA / Swiss
USD/CAD
USA / Canada
AUD/USD
Australia / USA
NZD/USD
New Zealand / USA

02. Minor Currency pairs

Minor Currency pairs යනුවෙන් හඳුවන්නේ ඇමරිකන් ඩොලර් USD සම්බන්ධ නැති ඒවට. Minor Currency pairs කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්.

Euro Crosses

pair
Related County
EUR/GBP
European Union/  United Kingdom
EUR/CHF
European Union / Swiss
EUR/NZD
European Union / New Zealand
EUR/AUD
European Union / Australia
EUR/CAD
European Union / Canada

Yen Crosses

Pair
Related Country
CHF/JPY
Swiss / Japan
EUR/JPY
European Union / Japan
GBP/JPY
United Kingdom / Japan
AUD/JPY
Australia / Japan
CAD/JPY
Canada / Japan
NZD/JPY
New Zealand /  Japan











Pound Crosses

Pair
Related Country
GBP/CHF
United Kingdom / Swiss
GBP/CAD
United Kingdom / Canada
GBP/NZD
United Kingdom / New Zealand
GBP/CHF
United Kingdom / Swiss
GBP/AUD
United Kingdom / Australia







Other Crosses


Pair
Related Country
AUD/CHF
Australia / Swiss
AUD/CAD
Australia / Canada
AUD/NZD
Australia / New Zealand
CAD/CHF
Canada / Swiss
NZD/CHF
New Zealand / Swiss







03. Exotic Currency pairs

Exotic pairs කියන්නේ Major Currency නොවෙන Currency වලින් හැදුණු Currency pairs. 


Pair
Related Country
USD/HKD
United States / Hong Kong
USD/SGD
United States / Singapore
USD/ZAR
United States / South Africa
USD/MXN
United States / Mexico
USD/DKK
United States / Denmark




අපි ආධුනිකයන් වශයෙන් තෝරා ගන්න ඕනෙ Major Currency pairs එකක් විතරයි. ලෝක වෙළඳපොළ ඉතා ඉහල උච්චාවචනයක් තියෙන Currency pairs එක තමයි EUR/USD කියන්නේ. මේ නිසා ඉදිරියේදී Forex Market එකේ කරන ගනුදෙනු වලට මේ Currency pairs එක විතරක් තෝරා ගන්න මතක තබා ගන්න. අපි මේ වෙළඳපොළේ ප්‍රමාණවත් අත්දැකිම් ලැබුවට පස්සේ අපි අනිත් Currency pairs ගැන බලමු.

මේ ඔක්කම දැන්ම මතක තියාගන්න නම් අවශ්‍යම නැහැ. Major සහ Minor යුගලයන් ටික දැනගෙන හිටියනම් දැනට ප්‍රමාණවත්...  
 

ඉතින් Forex Currency pairs ගැන දැන් ඔයාලට ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්නේ ඇතැයි සිතනවා. මොනව හරි ගැටළු සහගත තැනක් තිබුණොත් අහන්න.

2 comments

  1. My 4 phone eken use karanna hati kiyalaa denna puluwanda

    ReplyDelete
    Replies
    1. MT4 mobile App eka Playstore eken download karagena, Computer eken Forex account ekak hadala eke Server name user ID Trading PW mobile eke MT4 wala account eka hadaddi denna. ita passe trade karana puluwan. Udawwak onanam katha karanna Ran Veer 0720316051 Viber , WhatsApp

      Delete