Different between Forex & other Biz [8]

Lesson – 08 ෆොරෙක්ස් හා වෙනත් ව්‍යාපාර අතර ඇති වෙනස Forex Market එක හා එය ක්‍රියාත්මක වෙන ආකාරය හා ලාභ ලබන ආකාර... thumbnail 1 summary
Lesson – 08

ෆොරෙක්ස් හා වෙනත් ව්‍යාපාර අතර ඇති වෙනස

ෆොරෙක්ස් හා වෙනත් ව්‍යාපාර අතර ඇති වෙනස

Forex Market එක හා එය ක්‍රියාත්මක වෙන ආකාරය හා ලාභ ලබන ආකාරය පිළිබඳව පසුගිය පාඩම් 7 ඔස්සේ ඔයාලට යම් දැනුමක් ලබා දෙන්න උත්සාහ කළා. අපි මේ තාක් දුරට ඉගෙන ගත් කරුණු අවබෝධ වෙන්න ඇතැයි කියලා හිතනවා. එහෙම අවබෝද නොවුනු කවුරු හරි ඉන්නවානම් මින් ඉදිරියට යන්න එපා. පසුගිය පාඩම් නැවත අධ්‍යනය කරල ඇතිවුනු ගැටළු ඉදිරිපත් කරන්න.

අද ඉඳන් පටන් ගන්න පාඩම් මාලාව ප්‍රායෝගික කොටස ඉලක්ක කරගෙන තමයි යන්නේ.

ඇයි Forex Market එක අනිත් Business වලින් වෙනස් වෙන්නේ? අපි ප්‍රායෝගික උදාහරණ ගමු. හිතන්නකෝ ඔයාට සිල්ලර බඩු කඩයක් දාන්න ඕන වුනා කියලා. ඒ වගේම ඔයාගේ යාළුවාට Forex Trading කරන්න ඕන වුනා කියලා. අපි මේ කරණා දෙකම ඇතුලත් කරලා වගුවක් නිර්මාණය කරලා බලමු.
සිල්ලර කඩේ
     Forex Trade
1.ඉඩමක් ගැනීමට අවශ්‍යය
1.මුදල් ඇතිව ෝ නැතිව. විශාල ඉඩකඩ අනවශ්‍යයි.
2. ගොඩනැගිල්ලක් සෑදීමට අවශ්‍යය
2.පරිගණකයක් අවශ්‍යයි.(නවීන Mobile Phone වුවද දැන් මේ සඳහා භාවිතා කළ හැක)
3. විදුලිය ගැනීමට අවශ්‍යය
3. අන්නර්ජාල සබඳතාවයන් අවශ්‍යයි.
4. ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අවශ්‍යය
4. දුරකථාන පහසුකම් අවශ්‍යයි.
5. කඩයට බඩු ගැනීමට අවශ්‍යය
5. Forex Trading පිළිබඳව දැනුම අවශ්‍යයි.
6. ණය පහසුකම් ලබා දීම අවශ්‍යය (සමහර විට)
     මුදල් ඇතිව ෝ නැතිව       ආරම්භකල හැක.   
7. දුන් ණය අයකර ගැනීම අවශ්‍යය

8. බදු ගෙවීමට අවශ්‍යය (ව්‍යාපාර දියුණු විමේදී)

9. සේවක පඩි ගෙවිම අවශ්‍යය

10. තරඟකාරි ලෙස ව්‍යාපාරය මෙහෙය වීම අවශ්‍යය

11. ව්‍යාපාරය ගැන හොඳ අවබෝධයක් අවශ්‍යය

12. සිල්ලර (එළවළු) වැනි දේවල් නරක් වී යා හැක.

13. ස්වභාවික විපත් සිදුවීමේ අවදානමක් පවති.

14. සොර සතුරැ කරදර ඇති විය හැක.

15. ඉහත 13-14 සඳහා රක්ෂණය කළ හොත් රක්ෂණ ගාස්තු ගෙවීම අවශ්‍යය

16. ප්‍රදේශයේ සමාජීය කටයුතු වලට මුදල් යෙදීම අවශ්‍යය (පරිත්‍යාග)


දැන් පැහැදිලි නේද? Forex Trading පටන් ගන්න එක අනිත් ව්‍යාපාර වලට සාපේක්ෂව කොච්චර ලේසි ද කියලා.


Forex Trading වල තියෙන ප්‍රධානම වාසිය කියන්න බැරි වුනානේ. ඔයාලට අනිත් ව්‍යාපාර කරන කොට ඔයාල ළඟ තියෙන මුදල් වියදම් නොකර ඒ ව්‍යාපාර සාර්ථක අසාර්ථක වෙනවද කියලා බලන්න ක්‍රමයක් තියෙනව ද? නෑ නේද? හැබැයි Forex Trading වල ‍නම් තියෙනවා. ඔයාලට මුදල් වියදම් නොකර Forex Trading කරන්න පුළුවන්. ඒ සඳහා Demo Account කියලා ගිනුම් විශේෂයක් Forex Brokers Company විසින් හඳුන්වල දීල තියෙනවා. මේ මගින් ඔයාල ඉගෙන ගත්ත දේවල් ප්‍රායෝගිකවම කරල බලන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ඔයාල ගැනම තිර්ණයකට එන්න. කිසිම මුදලක් වියදම් නොකර පැහැදිලි නේද? Forex Trading වලට දාන්න මුදල් යොදවන්නේ නැතිව මේ Demo Account එකකින් පටන් ගන්න එක ඉතාම හොදයි. අඩුම ගානේ සති 3ක් වත් මේ Demo Account එකේ පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතිව කවුරුවත් ඇත්ත මුදල් මේකට යොදවන්න එපා. හේතුව මේ පාඩම් මාලාවේ අරමුණ ඔයාල ලාභ ලබන විදියට මෙහෙය වීම මිසක් පාඩු ලබන විදිය කියාදීම නොමෙයි.


Demo Account එකේ විවෘත කර ගන්න විදිය ඊළඟ පාඩමේදි කථා කරමු.

No comments

Post a Comment