Forex Market එකේ නිතර හමුවන වචන [5]

Lesson – 05 Forex Market එකේ නිතර හමුවන වචන - 02 පසුගිය පාඩම් ‍තේරුම් ගන්න ඇති කියල හිතනවා. අපි අද කතා කරන්න හදන්නෙ තවත් වැද... thumbnail 1 summary

Lesson – 05

Forex Market එකේ නිතර හමුවන වචන - 02

Forex Margin

පසුගිය පාඩම් ‍තේරුම් ගන්න ඇති කියල හිතනවා. අපි අද කතා කරන්න හදන්නෙ තවත් වැදගත් දේවල් කිහිපයක් ගැන.

Margin - මොකක්ද මේ Margin කියල කියන්නෙ. මේ Margin කියන වචනය යෙදෙන්නෙ Leverage කියන එකත් එක්ක. Leverage කියන එක පැහැදිලියිනේ. අපැහැදිලි නම් පෙර පාඩම නැවත බලන්න. Margin කියන එක උදාහරණ ඇසුරින්ම පැහැදිලි කර ගන්න උත්සාහ කරමු.

Margin එක 0.5 % හා EUR/USD = 1.3292 නම් EUR Lot එකක් ගන්න අවශ්‍ය USD ගණන කීයද?
 
EUR/USD                      = 1.3292 
EUR Lot 1ක්                  = 1.3292 x 100000   = 132920.00 
Margin එක 0.5 % නිසා   = 132920 x 0.5% 
                                       = 132920 x 1 / 200
                                        = 664.60  
ඉහත උදාහරණයේ 1/200 කියල එකක දැක්වෙන්නේ 200:1 මතකයි නේද? අප පෙර පාඩමේදි ‍‍ඉගෙන ගන්තේ. දැන් පැහැදිලි වෙනවා නේද වේ Leverage එක හා Margin එක අතර සම්බන්ධය.

පැහැදිලි නේද?
තවත් පැහැදිලි කර ගන්න පහත උදාහරණ බලන්න.
Margin එක 0.5% වන EUR/USD = 1.3292 නම් EUR Lot 0.01 ක් මිළදි ගන්න වැය වන USD ප්‍රමාණය ගණනය කරන්න.

කොළයක් පෑනක් අරගෙන වැඩ පටන් ගන්න. මොකද දෙයක් බලනවට වඩා ඒක ප්‍රායෝගිකව කරන ඒක තුලින් වඩාත් පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්.

අපට සපයා ඇති දත්ත මුලින්ම ලියා ගමු.


EUR/USD                       = 1.3292
Margin                            = 0.5%    = 1/200
අවශ්‍ය Lot ප්‍රමාණය         = 0.01

දැන් ගණනය කරමු.

EUR Lot එකකට අවශ්‍ය USD = 1.3292 x 100000
                                             $ = 132920.00
EUR Lot 0.01 කට          USD = 132920 x 0.01
                                             $ = 1329.20
Margin එකක් 0.5% නිසා         = 1329.20 x 0.5%
                                             $ = 6.646

දැන් පැහැදියි නේද?

ඒ වාගේම දැන් ඔයාලට තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි ඉතාමත් පොඩි මුදලක් යොදවල වුනත් Forex Market එකේ Trade කරන්න පුළුවන් කියන එක.

ඩොලර් 100 ක් වැනි මුදලකින් වුනත්. අපි දැන්ම මේකට මුදල් යොදවන්න බලාපොරොත්තු වෙන්නේ නැති වුනන් දැන්ම ඉඳන් ඩොලර් 100 ක් එකතු කර ගන්න පටන් ගන්න. සාමාන්‍යයෙන් රු.13000/- විතර.

ඉහත උදාහරණයේ ඔබ EUR/USD Lot 0.01 මිලදි ගත් වහාම ඔබගේ ගිණුමෙන් $ 6.646 ක මුදලක් අඩු වෙනවා.මේ මුදල නැවත ගිණුමට ලැබෙන්නේ මේ විවෘත කරපු Trade එක Close කරාම තමයි. ඒ කියන්නේ ඔයාගේ ගිණුමේ $ 100 ක් තිබු‍නම දැන් එක $ 93.354 ක් වෙනවා. කොහෙමද 100 - 6.646 නිසා.

අදට ඇති වගේ නේද? අද ඔයාල ඉගෙන ගත්තේ හුඟක් වැදගත් දෙයක්. මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවානම් අනිවාර්යෙන්ම අහන්න.

4 comments

  1. කියන්න වචන නෑබං අයියෙ. මම ගනන් වලටත් පට්ට දුර්වලයි මේ විදිහට ඉගැන්නුවනම් අද උපාධියකුත් කරනව මං 😂😂 👆💪👌 නියමයි. ෆොරෙක්ස් කලත් නැතත් මේ දැනුම වටිනව අයියෙ. 👍

    ReplyDelete
  2. හිත හොද සහෝදරයෙක් සුපිරි ...බුදු සරනයි

    ReplyDelete
  3. Niyamai..very very thanks...🙏

    ReplyDelete