Forex Market හදුනාගනිමු [1]

Lesson - 01 What is the Forex Market? Forex is the world's most traded market, with an average turnover in excess of US$4 trillio... thumbnail 1 summary
Lesson - 01


What is the Forex Market?Forex is the world's most traded market, with an average turnover in excess of US$4 trillion per day. Compare this to the New York Stock Exchange, which has a daily turnover of around US$50 billion and it's easy to see how the foreign exchange market is the biggest financial market in the world.


"Forex Market" මුලින්ම අපි මේ වචන දෙක හඳුනා ගන්න උත්සාහ කරමු. Forex කියන්නෙ Foreign Exchange කියන එකට. Market කියන එකනම් හැමෝම දන්නවනෙ ඉතින්. මෙන්න මේ වචන දෙක එකතු වෙලා තමයි Forex Market කියන එක හැදිල තියෙන්නෙ.

Foreign Exchange Market = විදේශ හුවමාරු වෙ‍ළඳපොළ


Foreign exchange marketදැන් පැහැදිලියි නේද? ඉතින් මේ වෙළඳපොළේ හුවමාරු වෙන්නේ මොනවද? අල, සිනි, පරිප්පු වගේ ඒවද? කිසිම භාණ්ඩයක් මේ වෙළඳපොළේ හුවමාරූ වෙන්නේ නැහැ. මෙහි හුවමාරු වෙන එකම දෙය තමයි මුදල් ඒකක. පැහැදිලි නෑ වගේ නේද? අපි තවදුරටත් පැහැදිලි කර ගමුකෝ.



මේ පහලින් තියෙනෙ මුදල් ඒකක කිහිපයක්

     
ශ්‍රි ලංකා රුපියල්    -    Rs

ඇමරිකන් ඩොලර් -    $
යුරෝ                    -    €
ජපන් යෙන්           -   ¥
බ්‍රිතාන්‍ය පවුම්         -   £
ස්විස් ෆ්‍රෑන්ක්          -   CHF



දැන් අපි මේ ඒකක වලට අදාලව රුපියලට සාපේක්‍ෂව එක ඒකකයක් සඳහා වටිනාකම ගණනය කරමුකෝ.


                     LKR               ශ්‍රි ලංකා රුපියල්      1   =රු.   1.00

                     USD               ඇමරිකන් ඩොලර්   1   =රු.   146.28

                     EUR               යුරෝ                     1   =රු.   166.66

                     JPY                ජපන් යෙන්            1   =රු.   1.31

                     GBP               බ්‍රිතාන්‍ය පවුම්          1   =රු.   208.16

                     CHF               ස්ව්ස් ෆ්‍රෑන්ක්           1   =රු.   152.68

ඒ කියන්නේ ඔයාට ඩොලර් 1ක් ගන්න ඕනෙ නම් රුපියල් 146.28 ක් වැය වෙනවා. බ්‍රිතාන්‍ය පවුමක් ගන්නේ නම් රුපියල් 208.16 ක් වැය වෙනවා. ඒ වගේම ජපන් යෙන් එකක් ගන්න නම් රු.1.31 ක් වැය වෙනවා. පැහැදිලි නේද?
හොඳින් මතක තියා ගන්න ඕනෙ දෙයක් තමයි ඉහත දක්වලා තියෙන අගය නිතරම වෙනස් වෙනවා කියලා. උදාහරණයක් විදියට කියනවානම් මේ දවස්වල ඩොලර් 1 ක වටිනාකම රුපියල් 146.28 ක් වුනාට මීට අවුරුදු 4, 5 කට කලින් ඩොලර් එකක වටිනාකම වුනේ රුපියල් 100 ක් විතර. අපි තව උදාහරණයක් ගමුකෝ. මේක අනාගතය උදාහරනයක්, හිතන්නකෝ ඔයාට ව්‍යාපාර කටයුත්තකට යුරෝපා රටකට යන්න ඕන වුනා කියලා. ඉතින් ඔයාලා දන්නවනේ යුරෝපා රටවල් වල භාවිතා ප්‍රධාන මුදල් ඒකකය යුරෝ (EUR) කියලා. ඒ වගේම ඒ රටවල් වල රුපියල් වලින් ගනුදෙනු කරන්නේ නෑ කියලා. එහෙනම් අපි, අපි ලඟ තියෙන රුපියල් යුරෝ (EUR) බවට හරවා ගන්න ඕනේ නේද? මේ දේ අපිට බැංකුවකින් හෝ එවැනි කටයුතු කරන තැනකින් ලේසියෙන්ම කර ගන්න පුළුවන්. අපි හිතමු මේ විදේශ සංචාරයට යුරෝ 5000 ක මුදලක් වැය වෙනවා කියලා. අපි ගණන් හදලා බලමු යුරෝ 5000ක් කියන්නේ රුපියල් කීයකට ද කියලා.

1 Euro = රු. 166.66
5000 Euro = රු. ?
166.66 x 5000
5000 Euro = රු. 833300

ඒ කියන්නේ ඔයාට යුරෝ 5000 ක් ගන්න රුපියල් ලක්ෂ 8.33 ක්
වැය වෙනවා. කොහොම හරි මේ රුපිලය් අට ලක්ෂ තිස්තුන්දහස් තුන්සීය දීලා යුරෝ 5000 ක් අරගෙන යුරෝපා රටකට ගිහිල්ලා සති 2 ක් විතර ඉදලා ඔයා වියදම් කරපු යුරෝ 5000 මොකක්හරි රස්සාවක් කරල හොයාගෙන ලංකාවට ආවා කියලා හිතමුකෝ. දැන් ඔයා ලඟ තියන යුරෝ රුපියල් වලට හරවන්න නැවත බැංකුවට ගියාම දැන් යුරෝ එකකට රුපියල් 189.50 ක රුපියල් ප්‍රමාණයක් වටින බව බැංකුව ඔයාට කිවොත්, දැන් යුරෝ 5000 වටිනාකම රුපියල් කීයද?

1 Euro = Rs 189.50
5000 Euro = රු?
189.50 x 5000
5000 EUR = රු. 947500

කියලා පැහැදිලියි නේද ?

ඒ කියන්නේ ඔයා මේ කළ මුදල් හුවමාරුවෙන් රුපියල් 114200 ක ලාභයක් ලබල තියෙනවා නේද?
මේ ඉහත දක්වල තියෙන උදාහරණ දෙක සැලකිල්ලට ගන්නේ නම් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. එනම්,

01. මුදල් ඒකකවල අගය කාලය සමග වෙනස් වෙන බව.
02. මුදල් හුවමාරුවක් වන බව.
03. ඉහත හුවමාරු සඳහා මුදල් වර්ග 02 ක් පමණක් සම්බන්ධ වන බව.

ඉහත කරුණු තුන පැහැදිලි නේද? පැහැදිලි නැත්නම් නැවත මුල ඉදල පටන් ගන්න.

මං යුරෝ එකක් රු.170 ව ගානේ යුරෝ 5000 ක් රුපියල් ලක්ෂ 8.5 කට ගත්තා. ඊට පැය කීපයකටය පස්සෙ යුරෝ එකක වටිනාකම රුපියල් 175.50 දක්වා ඉහල ගියා. ඉතින් මගේ ලඟ තිබුණු යුරෝ 5000 නැවත රුපියල් බවට හැරෙව්වා. එතකොට මට යු‍රෝ එකකට රුපියල් 175.50 ක් ලැබුණා.

ඒ කියන්නේ එක යු‍‍රෝ එකකින් රුපියල් 5.50 ක ලාභයක් ලැබුණා. එතකොට යු‍රෝ 5000 කින් මට ලැබුණු ලාභය ,

5000 x 5.50 = ලාභය රුපියල් 27500

(Lot size එක වැඩි කිරීමෙන් මෙම ලාභය තවත් වැඩි කරගත හැක. Lot size ගැන ඉදිරියේදී දැන ගනිමු.)

පැහැදිලි නේද?

මෙන්න මේ වගේ දෙයකට තමයි අපි Forex - Foreign Exchange කියලා තියන්නේ. ඒ කියන්නේ අපි යම් යම් මුදල් ඒකක අරගෙන ඒවායේ මිළ ඉහල ගියාම ලාභයක් ලබනවා. මෙන්න මේ‍‍‍‍ සිදුවීම තමයි Forex Market එකේ වෙන්නේ. (හැබැයි මේක අරමුණ තමයි ලාභ ලබන එක) 


මතක තියාගන්න ඔබ මේ ගනුදෙනු කරන්න යන්නෙ ලෝකයේ ලොකුම වෙළදපොල සමග බව. පහල රූපය බැලුවොත් ඔබට පැහැදිව පෙනෙයි ෆොරෙක්ස් මාකට් එක තුල දෛනිකව ට්‍රිලියන 4ක ගනුදෙනු සිදුවන බව. ලෝ්කයේ අනෙකුත් විශාලතව ස්ටෝක් මාකට් එක්ක සසදන විට ෆොරෙක්ස් මාකට් එක 200 ගුණයකින් ඉදිරියෙන් සිටිනව. 











දැන් පැහැදිලියි නේද මොකක්ද මේ Forex Market කියන එක .

එහෙනම් අපේ පළමු පාඩම ඉවරයි. මේ ගැන අපැහැදිලි තැන් තියනවානම් Comment කරන්න. පිළිතුරු ලැබෙයි.

1 comment

  1. හොදට තෙරුනා තැන්ක්ස් forex මාකට් එක බිලිබද ලියවුන් සිංහල පරිවර්තනයක් සහිත පොතක් ගැන කියන්න බැරි වෙයිද

    ReplyDelete