Trailing Stop සැකසීම MT4 [16]

Lesson 16 අද මම කියල දෙන්න යන්නෙ ඉතාම වටින දෙයක් මේක හැම Trade එකකටම යොදා ගන්න පුරුදු වෙන්න. Trade එකක් දැමීමෙන් පසු  Take Profit එකට ලං... thumbnail 1 summary
Lesson 16

අද මම කියල දෙන්න යන්නෙ ඉතාම වටින දෙයක් මේක හැම Trade එකකටම යොදා ගන්න පුරුදු වෙන්න. Trade එකක් දැමීමෙන් පසු  Take Profit එකට ලං වී නැවත ආපස්සට ඒමෙන් ආලාභ සිදු වීම වලක්වන ක්‍රමය මේකයි. ඒ කීවෙ ලාබයක් ලබා ඇති විට
Take Profit වීමට පෙර නැවත පහලට යෑමෙන් ලාබය නැති වීමට පෙර Trade එක ස්වංක්‍රීයවම close වන ලෙස සැකසීමයි. තවත් පැහැදිලිය කීවොත්,

පහල රූපය දෙස බලන්න
Trailing Stopමෙහිදී කොල පාටින් පෙන්නෙ Buy Trade එක Open  කරපු තැන. (127.115) රතු පාටින් තියෙන්නෙ Trailing Stop loss එක (127.371) දැන් ගැනුම් මිල 127.396 කි. නමුත් මෙක 127.195 දක්වා පහල ආවොත් මෙම Buy Trade එක Stop loss එකෙන් නවතිනවා. නමුත් මම මේ Trade එක විවෘත කරල තියෙන්නෙ ගොඩක් පහලින් ඒ නිසා මේක Close වෙන්නෙ යම්කිසි ලාභයක් සමගමයි. ඒ වගේම් ගැනුම් මිල ඉහල යාමත් සමග Trailing Stop loss එකත් ඉහල යනව. මේ දෙක අතර අගය මම 200 ක් දීලා තියෙන්නෙ. ඉතින් දැන් වෙළදපොල Pips 200 කින් ඉහල ගියොත් මගේ ට්‍රේලින් ස්ටොප් ලොස් එකත් ඉහලට යනව. ඉතින් මාකට් එක pips 200ක් පහල ආවොත් තවත් ලොකු ලාබයක් සමග Buy oder එක close වෙනව.

Trailing Stop සකසන විදිහ
Trailing Stop
 Open කර ඇති Trade එක උඩ click කර pips ගණන ලබා දෙන්න. අඩු අගයක් ලබා දීම හොදයි.

 


 

No comments

Post a Comment