Market Analysis Part I [17]

Forex Trade කරන්නනම් ඔයාල හරියටම චාර්ට් වල තියෙන දත්ත කියවන්න ඉගෙන ගෙන ඉන්න ඕන, නැත්තම් ඉතින් ෆොරෙක්ස් වල මොන දේ ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ... thumbnail 1 summary
Forex Trade කරන්නනම් ඔයාල හරියටම චාර්ට් වල තියෙන දත්ත කියවන්න ඉගෙන ගෙන ඉන්න ඕන, නැත්තම් ඉතින් ෆොරෙක්ස් වල මොන දේ ඉගෙන ගත්තත් වැඩක් නැහැ. Forex Chart කියවල තමයි හරියටම අපිට තීරණයක් ගන්න පුලුවන් ඉදිරියට මාකට් එක ඉහල යයිද පහල යයිද කියල. හැබැයි මේව 100% හරියටම හරියන්නෙ නැහැ. Idea එකක් විතරයි ගන්න පුලුවන්. හරි අපි බලමු කොහොමද මේ ෆොරෙක්ස් වල ප්‍රස්තාර දත්ත විශ්ලේෂණය (Stock chats analyze) කරන ආකාර ඉගෙන ගන්නෙ කියල. 
 
Forex Market Analysis
ප්‍රධාන වශයෙන්  Forex Market Analysis කරන ක්‍රම තුනක් තියෙනව.
  1.     Technical Analysis
  2.     Fundamental Analysis
  3.     Sentiment Analysis
මේ ක්‍රම තුනෙන් මොකක් තෝරගත්තත් කමක් නැහැ. හැබැයි ඔයාල Forex කරනවනම් මේ ක්‍රම තුනම හොදට දැනගෙන ඉන්න ඕන. කිසිම වෙලාවක අනුන්ගෙ සිග්නල් කොපි කරන්න එපා. සල්ලි දීල ගන්නත් එපා. මොකද ඒ අය කරන්නෙත් මෙන්න මේ දේවල් ටික ඉගෙන ගෙන කරන දේම තමයි. 
මතක තියාගන්න තවම කිසිම Software එකක් වත් හැදිල නැහැ Forex Market එක 100% නිවැරදිව predict කරන්න ක්‍රමයක්. කව්රුවත්ම ඒක දන්නෙත් නැහැ, ඒක කරන්න පුලුවන් ප්‍රායෝගික දේකුත් නෙමෙයි.

Technical Analysis

මේකෙන් තමයි අපි Forex වල අගයන් වෙනස්වීම් විශ්ලේෂණය කරන්නෙ.
කෙටියෙන්ම කියනවනම් Technical Analysis කියන්නෙ, යම් කාල රාමුවක් තුලදී ෆොරෙක්ස් මාකට් එක තුල සිදුව ඇති මූදල් අගය එහා මෙහා යාම විශ්ලේෂණය කිරීමයි. 

මෙදිහී අපට අතීතය බලල නිගමනයකට එන්න පුලුවන්. පහල රූපය බලන්න. මෙතනදි (රූපය 1) අගය ඉතාමත් පහල තියෙන්නෙ, මේ 2010 වසරෙ. පසුව 2011 වසරෙදි අගය වැඩි වීමක් පෙන්නුම් කරනව. නමුත් 2012 අවසානයෙ ඉතාමත් පහලට ඇවිත් තියෙනව (රූපය 2) . මෙතනදි අපිට පැහැදිලිවම පෙනෙනව 2010 වසරෙදි වගේම සිදුවීමක් සිදුවෙන බව.  (රූපයෙ 2) 2 අවස්ථාවට පැමිණෙන බව මෙතනින් අපට නිගමන කරන්න පුලුවන්. මම මේකට අරගෙන තියෙන්නෙ monthly time-frame එකක්.
Technical Analysis