Forex Market එකේ නිතර හමුවන වචන [4]

Lesson – 04 Forex Market එකේ නිතර හමුවන වචන - 01 මේ වෙනකන් පාඩම් මාලාව ‍ඉගෙන ගන්ත ඔයාලට මේ පිළිබඳ හොඳ දැනුමක් ඇතැයි කියලා හිතන... thumbnail 1 summary

Lesson – 04

Forex Market එකේ නිතර හමුවන වචන - 01

Forex Market එකේ නිතර හමුවන වචන
මේ වෙනකන් පාඩම් මාලාව ‍ඉගෙන ගන්ත ඔයාලට මේ පිළිබඳ හොඳ දැනුමක් ඇතැයි කියලා හිතනවා. ඊළඟ පාඩම් ටික ඉගෙන ගන්න කලින් Forex Market එකේ භාවිතා වෙන ‍වචන හා තේරුම් ගැන විස්තරයක් දැම්මොත් හොඳයි කියලා හිතුවා. 

Forex Market එකේ Trade කරනව කියන්නේ, BUY OR SELL එකක් සිදු කිරීමයි.




BUY OR SELL


Currency, Currency pairs, lot, Margin, leverage, pips, Base Currency, Quote Currency. මෙන්න මේ කියන වචන වල තේරුම ගැන හොඳ අවබෝධයක් තිබිම අත්‍යවශයි.

අපි මුලින්ම Currency , Currency pairs, Base Currency හා Quote Currency ගැන බලමු. ඔයාල දැනට මුල් දෙක ගැන දන්නවනේ. උදාහරණ ලෙස කිවොත්,

Currencies = USD, EUR, GBY, CAD
Currency pairs = EUR/USD
Base Currency = EURQuote Currency = USD

Base Currency කියලා කියන්නේ නිතරම Currency pair එකක මුලට තියෙන Currency එකට. EUR/ USD වල Base Currency එක EUR වගේම USD/CHF Currency pairs එකේ Base Currency වෙන්නේ USD එක. පැහැදිලි නේද? එතකොට දැන් පැහැදිලි වෙන්න ඕනේ Quote Currency කියලා කියන්නේ Currency pairs එකේ දෙවැනියට තියෙන Currency එකට කියලා. උදාහරණ ලෙස USD/CHF නම් Quote Currency වෙන්න CHFඑක. EUR/USD වල Quote Currency වෙන්නේ USD පැහැදිලි නේද?

ඊළඟට අපි බලමු මොකක්ද Lot එකක් කියලා තියන්නේ.මේ Lot යන වචනයට Standard Lot කියලත් කියනවා. මේක සමහර විට ඔයාලට අලුත් වචනයක් වෙන්න පුළුවන්. ඒත් කලබල වෙන්න අවශ්‍ය නැ. ඔයාල හැමෝම දන්නවනේ 1kg 1000g ක් තියෙනවා කියලා.

1 Kg = 1000g

කියන එක කොහේදිවත් වෙනස් වෙනවද? ඒ කියන්නේ ඒක සම්මතයක්. ඒ වගේම තමයි මේ Lot එකත්


1 Lot = 100000


දැන් පැහැදිලි නේද? Lot එකක් කියන්නේ.ඒකක 100000 ක අගයකට. මේ Lot එක යටතට Mini lot, Micro lot, Nano lot කියන Lot වර්ග අයිති වෙනවා. පහත වගුව බලන්න.
ීLot
100,000
Mini Lot
10,000
Micro Lot
1000
Nano Lot
1000





දැන් පැහැදිලි අදහසක් ගන්න පුළුවන් නේද?
පහත ලියන තියෙන දේ ගැන අදහසක් ගන්න උත්සාහ කරමු.

EUR/USD   =  1.3292
USD/CFF    =  0.9169
USD/CAD   =  1.0026
NZD/JPY     =  77.42
CHF/JPY      =  101.13

මේ දවස්වල Forex Market එකේ පවතින අගයන් කිහිපයක් තමයි ඔය ලිව්වේ.

අපි මුලින්ම EUR/USD = 1.3292 කියන එකෙන් අදහස් වෙන්නේ Euro එකක් ගන්න USD වලින් 1.3292 ක් ඔනෙයි කියන එක. පැහැදැලි නේද? CHF/JPY = 100.13 කියන්නේ ස්විස් ෆ්‍රෑන්ක් 1 ක් ගන්න ජපන් යෙන් 101.13 ක් ඕනෙයි කියන එක. මතක තියා ගන්න ඕනේ දෙයක් තමයි JPY සම්බන්ධ වෙන Currency pairs එකෙදි දශමස්ථාන 2ක් පමණක් ඇති බව. අනිත් අවස්ථා වල (JPY සම්බන්ධ නොවන) දශමස්ථාන 4ක් ඇති බව. සමහර විට දශමස්ථාන 5ක් වුවත් තියෙන්න පුළුවන්. 
EUR/USD = 1.3292 නම් Euro lot එකක් ගන්න USD කියක් ඕනේද කියල බලමු.

EUR 01         = USD 1.3292
Lot 01           = 100000
EUR Lot 01  = 1.3292 x 100.000
                      = 132,920.00


ඒ කියන්නේ EUR Lot එකක් ගන්න ඔයාට USD 132,920 ක මුදලක් වියදම් කරන්න වෙනවා. ඉතින් පැහැදිලි නේද? මේ තරම් මුදලක් යොදා අපට Forex Market එකේ Trade Open කරන්න බැරි බව.
මෙන්න මේ අවස්ථාවේදි තමයි Leverage කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ. Forex Market එකේදි 400:1, 200:1, 100:1, 50:1 වගේ Leverage Level හමු වෙන්න පුළුවන්. Leverage එක 200:1 කියන එකෙන් අදහස් වෙන්නේ එකක වටිනාකම 200න් බෙදෙනව කියන ඒක.
ඒ කියන්නේ 200:1 Leverage තියෙන EUR/USD Lot එකක් ගන්න වැයවෙන්නේ USD 664.6 ක් විතරයි. කොහොමද?
EUR/USD        = 1.3292 
EUR Lot 01      = 1.3292 x 100000
                          = 132920.00
Leverage1         = 200:1
දැන් Lot එකක්   = 132920 / 200
                          = 664.60


දැන් USD/ CHF Lot එකක් ගන්න යන ගාන ගණන් කරමු. Leverage එක 200:1 වෙන කොට

USD/ CHF              = 0.9169
USD නෙට් එකට      = 0.9169 x 10000
                                = 91690
Leverage                 = 200:1
                                = 458.45

දැන් වැටහෙනවා නේද?
 
 රෙක්ස් මාකට් එේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ USD වලට ඉතින් ඔයාලා ආදුනිකයන් විදිහට EUR/USD වලින් Trade කරන්න මුල් කාලේදී. පහල chart එකත් බන්න.
 "The Dollar is King in the Forex Market"


dollar is traded in the forex market

 

එහෙනම් අදට ඇති. ඊළඟ කොටසින් ඉතුරු වචන හා තේරුම් පිළිබඳව බලමු. පෙර පාඩම් වගේම අපැහැදිලි හා ප්‍රශ්න තියෙන තැන් අහන්න.

No comments

Post a Comment