Forex Market - හඳුනා ගනිමු - [2]

Lesson - 02 Forex Market - හඳුනා ගනිමු - 2 මේ වෙනකොට ඔයාල තේරුම් අරන් ඇති Forex Market එක තුලින්  ලාභයක් ලබා ගත හැකි බව. (යම් මුදල් ඒක... thumbnail 1 summary
Lesson - 02

Forex Market - හඳුනා ගනිමු - 2

මේ වෙනකොට ඔයාල තේරුම් අරන් ඇති Forex Market එක තුලින්  ලාභයක් ලබා ගත හැකි බව. (යම් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් මගින් මිලදි ගෙන අපි ගත්ත මුදල් ඒකකයේ වටිනාකම ඉහල ගිය පසු විකිණිම)
Foreign exchange market


නමුන් කොහොමද? මුදල් වර්ග මිලදි ගන්න බැංකුවට යන්න ඕනෙද? නැහැ අද ලෝකයේ දියුණුව සමඟ අන්තර්ජාලය ඔස්සේ මේ සියලු කටයුතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මුදල් ඒකක ගන්න විකුණන්න වාගේ හැම දෙයක්ම. මේ සියලුම මූල්‍ය කටයුතු අන්තර්ජාලය ඔස්සේ මෙහෙය වන්න පුළුවන් විදියට සකස් කරලා ඉවරයි. මෙයට ලෝකයේ සියුලම බැංකු, මූල්‍ය ආයතන සම්බද්ධ වෙලා ඉන්නේ.

දැන් පැහැදිලි වෙන්න ඕන දෙයක් තමයි ඔයාලට අන්තර්ජාල සබඳතාවයන් අවශ්‍ය බව. ඒ වගේම ඔයාලට මේක පූර්ණ කාලීන හා අර්ධ කාලීන ලෙස වූවත් කරන්න පුළුවන්. මේකෙ තියන ප්‍රධාන වාසියක් තමයි ඒක. ඔයාගෙ කරගෙන යන රැකියාවට බාධාවක් වෙන්නේ නැහැ.

ඔය මතක් කරේ සාමාන්‍ය කරණු ටිකක් අපි මේ පාඩ‍මේ 2 කොටසට යමු.

අපි පළමුවැනි පාඩමේදී උදාහරණ විදියට අරගෙන කළ ගනුදෙනුවේදී සම්බන්ධ වුනේ ශ්‍රී ලංකා රුපියල් හා යුරෝ (LKR/EUR) කියලා මතකනේ.

ඒත් ඔයාල දන්නවද ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියන මුදල් වර්ග මොනවද කියලා. ඒවා තමයි ඇමරිකන් ඩොලර්, යුරෝ, බ්‍රිතාන්‍ය පවුම්, ජපන් යෙන්, ස්විස් ෆ්‍රෑන්ක්, කැනෙඩියන් ඩොලර් , ඔස්ට්‍රේලියා ඩොලර්, නිව්සිලන්ත ඩොලර්, වගේ ඒවාට ඉතාම ඉහල ඉල්ලුමක් තියනවා.

මෙය වචන විස්තර ලෙස පහත වගුවෙන් බලා ගන්න.

රටේ නම්
මුදල් වර්ගය
 Forex සංකේතය
කෙටි නම
USA
Dollar
USD
Buck
Britain
Pound
GBP
Cable
Europe
Euro
EUR
Fiber
Japan
Yen
JPY
Yen
Swiss
Franc
CHF
Swissy
Canada
Dollar
CAD
Loonie
Australia
Dollar
AUD
Aussie
New Zealand
Dollar
NZD
Kiwi

එතකොට දැන් ඔයාල බලයි මෙයට ශ්‍රී ලංකා රුපියල් නෑ නේද කියලා. ඇත්තටම මේ Forex Market එකට ශ්‍රී ලංකා රුපියල් ඇතුළු වෙන්නෙ නැ. ‍හේතුව තමයි ශ්‍රී ලංකා රුපියල් ( LKR) වලට ලෝකයේ ඉල්ලුමක් නැති වීම.

ඉහත වගුව දිහා අවධානයෙන් බැලුවොත් ඔයාලට පෙනෙවි Forex සංකේතය කියල තියන තිරුව, ඒ තිරුවේ තියෙන සංකේත මතක තියා ගැනීම ඉතාම වැදගත්. මේ ගැන ඉගෙනගන්නකොට ඔයාලට ඒ ටික නිකම්ම මතක හිටීවි. එහෙම නොවුනොත් ඉතින් ෆොරෙක්ස් කරල වැඩක් නැහැ. ඔයාලට Forex Market එකේදි දකින්ට ලැබෙන මුදල් සංකේත තමයි ඒවා. කොහෙම වුවත් ඔබට හොඳ Forex Trader කෙනෙක් වෙන්න ඕනෙ නම් මේ සියලුම සංකේත මතක තබා ගැනීම වැදගත්.

අපි පෙර පාඩමේදී ඉගෙන ගත්තා මතක ඇති නිතරම මෙවැනි ගනුදෙනුවකට මුදල් වර්ග දෙකක් සහභාගි වෙනවා කියලා. අපි එතනදි කලේ ශ්‍රී ලංකා රුපියල් යුරෝ බවට පත් කළ එක හා නැවත හරවපු එක නේද? එහෙම කලේ ශ්‍රී ලංකා රුපියල් වලින් නම් කීයක්ද කියල දැනගන්න විතරයි, ඒක වැරදි විදිහට තේරුම් ගන්න එපා. මොකද අපි ෆොරෙක්ස් වලදි රුපියල් වලින් ගනුදෙනු කරන්නෙ නැහැ. සෑම විටම මුදල් සංකේත යුගලයක් සමග අපි ගනුදෙනු කරන්නෙ. ඒක සංකේත ඇසුරින් ලියුවොත් (LKR/EUR), මෙන්න මේ වගේ එකකට අපි කියනවා Pair එකක් කියල. Forex වලනම් Currency Pair එකක් එකක් කියල හදුන්වනවා. Forex Trade එකක් කරන්නනම් අනිවාර්යෙන්ම Currency Pair එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මුදල් වර්ග දෙකක්.

මේ ටික ඔයාලට පැහැදිලි නේද? අපි ඊළඟ පාඩමෙන් Currency Pair ගැන කතා කරමු. මේ දක්වා ඔයාලට ගැටළු මතුවන තැනක් තියෙනවා නම් අහන්න.

No comments

Post a Comment