Pips ගැන තවදුරටත් [7]

Lesson – 07 Pips ගැන තවදුරටත් , වැදගත්කම අපි පෙර පාඩමේදී Pipes ගැන කථා කරා මතක ඇතිනේ. ඒ වගේම අවබෝධ වෙන්නත් ඇතැයි කියලා හිතනවා. පෙ... thumbnail 1 summary

Lesson – 07

Pips ගැන තවදුරටත්, වැදගත්කම

අපි පෙර පාඩමේදී Pipes ගැන කථා කරා මතක ඇතිනේ. ඒ වගේම අවබෝධ වෙන්නත් ඇතැයි කියලා හිතනවා. පෙර පාඩමේදී කියන්න බැරි වුන දේවල් ටිකක් තියෙනවා.
Pipes in forex

ඇත්තටම මේ Pip කියල කි‍යන්නේ තනි නමකට නෙමෙයි. ඒක හැදුනේ Price Interest Point කියන වචන වල මුල් අකුරු එකතු කිරිමෙන්.

අපි පෙර පාඩමේදි කථා කලා මතක ඇති JPY යෙදෙන අවස්ථා වල Pip එකක් කියලා හදුන් වන්නේ දෙවැනි ‍දශමස්ථාන කියලා. ඒ වගේම JPYසම්බන්ධ නොවන අවස්ථාවල Pip එකක් කියන්නේ 4 වන දශමස්ථානයට කියලා. නමුත් සමහර Brokers ල JPYසම්බන්ධ වෙන අවස්ථා දශම ස්ථාන 3කුත් JPY සම්බන්ධ නොවන අවස්ථා දශම ස්ථාන 5 කිනුත් දක්වනවා. දැන් හොඳට මතක තියා ගන්න ඕනෙ මේ අවස්ථාවේදිත් අපි ඉහත කියපු දෙය වෙනස් වෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ JPY දශම ස්ථාන 3කින් දැක්වුවත් Pip නියෝජනය කරන්නේ 2 වැනි දශම ස්ථානයේ ඉඳලා. JPY සම්බන්ධ නොවන අවස්ථා දශම ස්ථාන 5කින‍් දැක්වුවත් Pip නියෝජනය කරන්නේ දශම ස්ථාන 4 ඉඳලා. පැහැදිලි නේද?

එතකොට මේ JPY වල 3 වැනි දශම ස්ථානයට හා JPYසම්බන්ධ නොවෙන Currency pair වල 5 වැනි දශම ස්ථානය හඳුන්වන්නේ කොහොමද? මෙන්න මේ දශම ස්ථානයට අපි කියනවා Pipette කියලා. Pipette එකක් කියන්නේ pip 1/10 එකකට. තව විදියකින් කිවොත් Pipette 10 ක් එකතුවෙලා තමයි pip එකක් හැදෙන්නේ.

පහත උදාහරණ ඇසුරින් පැහැදිලි කර ගන්න උත්සාහ කරමු.

GBP/ JPY = 128.528 විනාඩි 30කට පස්සේ GBP/ JPY =128.534 වුනා කියලා හිතමුකෝ. දැන් මෙනත වෙනස pips කියද?

GBP/ JPY = 128.534 - 128.528
= 0.006

පිළීතුර pips 0.6 යි. මේක Pipettes යොදා ගෙන ලිවොත් Pipettes 6 යි කියලා ලියන්න පුළුවන්.

තව උදාහරණයක් බලමු.

EUR/USD =1.34869 පැයකට පසු 1.34860 වුනා නම් දැන් වෙනස pips කීයද?
EUR/USD =1.34860 - 1.34869
= 0.00009
පිළිතුර pips 0.9 ක් අඩුවෙලා කියන එක. ඒකම Pipettes යොදාගෙන ලිවොත් Pipettes – 9 ක් කියල පැහැදිනේද?

Pips වැදගත් වෙන්නේ ඇයි කියලා දැන් බලමු.

ඔයා EUR/USD =1.3460 ගානේ EUR Lot 0.01 ක් මිළදි ගන්න කියල හිතන්නකෝ. ඊට පැයකට පස්සේ EUR/USD =1.3465 කට ආවාම ඔයා නැවත මේ ප්‍රමාණය අලෙවි කලාම ලබන ලාභය කීයක් කියලද හිතන්නේ. ඒක අපට සරලව සොයා ගන්න පුළුවන් Pips ප්‍රමාණය සොයා ගත්තම. Pip ප්‍රමාණය හොයමු.

EUR/USD =1.3465-1.3460
Pips = 0.0005
ඒ කියන්නේ ඔයා ලාභ ලබලා තියෙනවා $ 0.5 ක්. කොහොමද එහෙම කියන්නේ?
අපි මිළදි ගන්න Lot ප්‍රමාණය (මේක අපි ගනුදෙනු කරන කොට Volume ප්‍රමාණය කියලා හමුවෙන්න පුළුවන් ) 0.01 ක් වෙන කොට මේ Pip 1 ක් නිතරම $ 0.1 ක් නියෝජනය කරනවා.

ඒ වාගේම අපි Lot 0.02 න් Trade කරනවානම් Pip 1 ක් $ 0.2 ක් නියෝජනය කරනවා. ඒ වාගේම අපි Lot 0.1 Trade කරනවානම් Pip 1 ක් $ 1 ක් නියෝජනය කරනවා. දැන් පැහැදිලි නේද? Pip වලින් අපි ලබන ලාභ අලාභ නිරූපණය කරනවා කියලා

No comments

Post a Comment